හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Monday, September 29, 2014
හූනි පාඩුවෙි නොයිද? කියූ කතා ...
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට
වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්‍යයකුටම
දැනේ ..එහෙත් ඔහුගේ මනසේ ක්‍රියාකාකාරීත්වය හා එහි දියුනුව අනුව ,ඔවුන්
හැගීමි දැනීමි පිටතට විහිදුවාලයි..
කෙනෙකු හැම විටම බොහෝ දේ දිහා බලනුයේ තමන් හරි කියන මතයේ එල්බ ගෙනය. තව
කෙනෙකුගේ මතයට ගරු නොකරන්නට, සවන් නොදෙන්නට ,මෙන්ම එහි හරි වැරදි හොද නරක තේරුමි ගන්නට
පෙර නිගමනය කරන්නට පෙලඹෙන වාර අනන්තය...
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. අද බොහොම ලේසියෙන් කල හැකි දේ එය නිසා ...
කොපි කිරීමට පුරුදු වීමෙන් කෙනෙකු හිතල යමක් කරන එක ඇනහිටිනු ඇත. එමෙන්ම,
එය සමහර විට මුල් නිර්මාණකරුගේ අනුමැතියක් නොමැතිව සිදු වන්නේ නමි ,ඒ නිසා
අවමානයට මෙන්ම අපහසුතාවයට ලක් වීමක් ද සිදු විය හැකිය...
කවුරු කවුරුත් කැමතියි තමන්ගේ ඇස් දිහා බලන් ඇත්ත කියනවට. ඒක ලොකු කුඩා සෑම මනුෂ්‍යයෙකුගෙම හැටිනේ...හැබැයි එහෙම කියලා බොරුවට වර්ණනා කරනවා කියා කෙනෙකුට දැනුන
විට ඇති වන පිලිකුල් හැගීම හිතින් යවන්න වචන දාහකින් වත් බැරි බව අමතක
නොකරන්න...
කතාව ..කතාව..කතාව කවුරුත් බොහෝ විට කරන කතාව...ගොඩක්
අය කතාව ගැන එක ..එක කතා කියාවි... ඒ නිසා කතාව,ජීවිතේට නැතිවම බැරි අපූරු
කතාවක් වෙිවි... දිගටම කෙනෙකුට කතා කරන්න ඉඩ හැරියොත්, ඔහු හෝ ඇය කෙබදු
කෙනෙක් දැයි කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවෙිවි...
Subscribe to:
Post Comments (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්‍රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.