Saturday, October 11, 2014

Life is not a Bed of Roses.... ජීවිතේ රෝස මල් යහනාවක් නොවෙි ....

                               
                                                                                     

 


රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ මලේ ඇති බාහිරින් පෙනෙන පිකරු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී සාත්තු කර රැක බලා ගන්න බොහෝ අය අකමැතිනේ.  එහි බාහිරව ඇති කටු නිසා .. කටු විෂ නිසා..   ඒත් රෝස වලට බොහෝ ප්‍රිය කරන ආදරය කරන අය රෝස සිටුවා සාත්තු කර රැක බලා ගනිමින් එහි හැඩ බලා සතුටු වෙනවනේ.. ඒ වගේම අගය කරනවනේ.
ඒ වගේම රෝස වලට වෙන මල් වලට වඩා සාත්තු කිරීම අත්‍යවශ්‍ය වෙිවි.. නැති නමි ගස මිය යාවි. නියමිත කාලයට මල් පූදින්නටත් පෙර.  බලන්න හොද හැටි අවදානයෙන් කටු අතරේ පිපෙන ලස්සන රෝස මල ,දුක හා සතුට එක් තැන් වූ ලස්සන ජීවිතයක හැඩ පෙන්වනවා නොවෙද? ඒත් රෝස මල් ගැන හැගීමක් නැති අය රෝස ගසේ කටු වලට බිය වෙි. ජීවිතයේ එන දුක් කමිකටොලු වලට බිය වන්නා සේ... ඒත් කටු අතරේ පිපුන ලස්සන රෝස මල ජීවිතයේ සතුට සැපත හගවාවි. පිපී හිනැහෙමින් ලෝකයට පෙනෙන්නට නැලවෙමින් ....

ජීවිතය දිහා කොහොම බැලුවත්, කෙනෙකුගේ ජීවිතය ගොඩ නගපු අය , වටා සිටින අය, එම ජීවිතයෙහි වටිනාකම දන්න අය තමන්ගෙ කැමැත්ත ආදරය ගෙෘරවය  නිසාම මොන කරදර හිරි හැර වුනත්, ආදරයෙන් රැදී සිටීවි... රැක බලා ගනීවි...අසල සිටිමින්ම. රෝස වලට ආදරය කරන අය එහි කටු නොසලකා සාත්තු කර ගස රකිනවා සේම. මෙි හැම දේ ගැනම අවදානය යොමු කලොත් රෝස මල ඇරෙන්න වෙන මලක් ඇත්ද? කෙනෙකුගේ ජීවිතයකට සමාන කරන්න පුලුවන් වඩා සුදුසු වෙන මලක් ගැන කාටවත් සැනකින් මතකයට එන. 

ජීවිතය රෝස මලක්  නමි කියාවි මෙි වගේ....      

  රෝස කිවිව ගමන් සමහරුන්ට   මතක් වෙන්නෙ මලට වඩා කටු.... එනමුදු කැමතියි නමි රෝස වලට මතක් වෙන්නෙ මල... කටු ඇනිලා.. හිත රිදිලා.. හිත් පෑරුනු පලියට... රවන් එපා රෝස මලට...  කටු සිදු කල වරදට ....  (  සමහරුන්ට ජීවිතයයි කිවිව ගමන් කියන්නේම දුක...  එනමුදු කැමතියි නමි ජීවිතයට කියන්නේ එහි සැප... හිත් රිදිලා ..හිත බිදිලා.. පෑරුනු පලියට... රවන්නෙපා.. ජීවිතයට දුක ඇවිදින් ටිකකට නැවතුනට.. ) 

මෙලෙසින් වරෙක ජීවිතය රෝස මලක් මෙන් දිස් වුවත්, ඒත් අමතක නොකල යුතුයි. කවුරු ,කවුරුත් . ජීවිතය රෝස මල් යහනාවක් නොවන බවත්.. 

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.