Sunday, December 11, 2016

හූනිගේ සත්‍යය කතා-1


මෙය කෙනෙකුට කලාතුරකින් අත් විදින්න සිදු වෙන දුර්ලභ සිදුවීමක් නිසා හිතුනා මෙි කතාව ඔිගොල්ලොලන්ටත් කියන්න ඔිනෙ කියලා.. ඔන්න  දන්න නිවසක ඉද හිට පාවිචිචි කරන කාමරයක සංගීත භාන්ඩයක් තුල ලේනියෙක් කූඩුවක් සාදා පැටවි දෙන්නෙක් දමා තිබුනා.. ගෙදර අයවත් මෙි ගැන දැනන් හිටියෙ නැහැ. ඒ කාමරය වැඩිය පාවිචිචි කරන්නෙ නැතිව වසා දමා ඇති නිසා.. එත් දවසක් ලේන් පැටියෙක් කාමරය පැත්තෙන්  අහමිබෙන් කෑගසන සද්දයට දොර ඇරලා සද්දෙ ආව පැත්ත දිහා විපරමි කර බලන විට සංගීත භාන්ඩයක් තුල සෑදු ලේන් කූඩුවක චූටි පැටවි දෙන්නෙක්. ඒ වගේම තවත් කූඩුවක් උලුවස්සක කෙලවරක තියෙනවත් දුටුවා.. මෙි බව දැක්කට පස්සෙ ගෙදර අය ටිකක් මෙි ගැන සෝදිසියෙන් ඉදලා.. එක් දවසක අර ලේන් පැටවුන් එක දිගට කෑගහන්න පටන් අරන්.. මුලු දවස තිස්සෙම ඉතින් ගෙදර අය දැන ගෙන ලේනියට කුමක් හෝ අනතුරක් සිදුවී ඇති බව. ඉතිං මෙි අයට ප්‍රශ්නයක් වුනා.. මෙි ඇස් ඇරලවත් නැති ලේන් පැටවුන් හදා ගන්නෙ කොහොමද? කියලා පස්සේ ඒ අභියෝගය බාර ගත්තු නිවැසියෝ මෙලෙසින් ඒ අය රැක බලා ගත්තා.. හැකි විදිහට වැඩෙි සාර්ථක වුනා.. නොහිතපු විදිහට




    මෙහෙම රැක බලා ගත්තු මෙි දෙන්නා දින කිහිපයකට පසු දෙනෙත් ඇර ලෝකය දකින්න වුනා..  සති අන්තයක් පැමිනියා.. පැටවි බලාගත්තු කෙනාට දිගු ගමනක් යෙදුනා.. ඒ නිසා නිවසේ ඉන්න වෙනත් කෙනෙකුට මෙි අයට සාත්තු කරන්න බාර කර ඒ අය යොදා ගත් ගමන ගියා... නිවසේ බාර දීලා ගිය කෙනාට මෙි අයට කිරි පොවන්න වෙනදට වඩා පමා වුනා.. මෙි අය බඩගින්නට කෑගහන්න ගත්තා.. ඒ සද්දෙට මතක් වෙලා  පැටවි දෙන්නට කිරි දෙන්න හිතා ගෙන කාමරය දොර ඇරලා බලන කොට වෙන තැනක හදා තිබූ කූඩුවෙි ලේනිය මෙයින් එක පැටියෙක් කටින් උස්ස ගෙන අර ගෙන යනවා  දැකලා ... දැන් එක පැටියයි ඉන්නෙ.  එයාට  කිරි පොවලා බලා ගෙන වෙන කරන්න දෙයක් නැහැනේ. ඒත් බඩ පිරුනට අනික් පැටියා නැති නිසා සැරින් සැරේ කෑගන්න වෙලා... ඔය අතරෙදි ගමන ගිය අය ආපහු නිවසට ඇවිල්ලා.. බලා ගන්න පවරපු කෙනා ගෙන් ලේන් පැටවි ගැන අහලා .. ඉතින් එයා වෙිචිච සිද්ධිය කියලා .. මෙිගොල්ලෝ පස්සෙ උඩ නැගලා අනික් ලේන් කූඩුව ඇතුල බලලා.. කිවිව වගේම අර පැටියා ඉන්නවලු.. අනික් පැටවුන්ට(ලේනිගේ පැටවි දෙන්නාට) තුරුලු වෙලා.. ප්‍රමානයෙන් පොඩි වෙනසක් ඇති නිසා මෙයලා අර පැටියව අදුර ගෙන. දැන් කල්පනා කරලා.. අනික් පැටියා තනියම ඉන්න එකත් හොද නැති නිසා .. මෙයාවත් ඒ කූඩුවෙන් තියන්න. ඒ වුනාට එක පාරටම කූඩුවෙි  තියන් නැතුව පැටියට මොනා හරි වෙයි කියලා හිතලා කූඩුව කිටිටුවට වෙන්න තියලා.. හැංගිලා බලන් ඉදලා.. මෙන්න ඒ පැටියවත් අර ලේනි කූඩුවට අරන් ගිහින්.. දැන් ඒ පැටවු දෙන්නට අමිමා කෙනෙක් හමිබ වෙලා.. හොදින් ඉන්නවලු. පුදුමයිනේ! මෙි කතාව මෙලෙසින් සතුටු සිතින් හමාර කරමි. අර ලේන් අමිමටයි පැටවුන්ටයි හොදක්ම වෙන්න කියලා පතලා..

     

   ඔන්න  තවත් අමුතුම සත්‍ය කතාවක්  කාටත් හිතට ගන්න... මෙ මම දන්න කෙනෙකගෙ ගෙදර ඉන්නා පූසන් 3 දෙනෙක්... මෙහි විශේෂත්වය මෙි අමිමයි පැටවි දෙන්නයි වීම ... අමිමා තමා පැත්තක ඉන්න අලු පාටට හුරු කලු පැල්ලමි තියෙන කෙනා... කහ දුඹුරු සුදු තැඹිලි මිශ්‍ර පැහැ ලොකු කෙනා ඉස්සෙල්ලා පැටවුන් ගෙන් ඉතුරු වුන මෙ බැලලිගේම පැටියෙක් පස්සෙ පැටවුන් ගෙන් ඉතුරු වුන පැටියා පුංචි පැටියා ඔය ඉන්න ..පැටවි දෙන්න මුනගැහිලා අඩු කාලයක් වුවත් මෙයා අමිමට වැඩිය එකතු අර ලොකු පැටියට ..(මෙ පින්තූර දකින ඔබට එය පැහැදිලි වෙවි) ...බැළලි නැති වෙලාවට පුංචි පැටියා බලා ගන්නේ කහ දුඹුරු තැඹිලි මිශ්‍ර පැහැ එක්කෙනා හරියට අමිමා වගේ සත්තු වුනත් මෙ අයගේ බැදීම තම ලේ ඥාතීත්වය මෙි අය අදුනා ගන්න හැටි පුදුම නොවෙද? සමහර මිනිසුන්ට වඩා මෙි අය මානුෂික නොවෙද?          ඒ පැටියා ලොකු වෙලා.. එයාගේ නංගිලා   මල්ලිලා   බලා ගන්නවා  මෙහෙම...

                                                                                                                                                                                                                          

                               
     

                                                                                   මෙහි කතා නායකයා මෙ පින්තූරයේ සිටින බල්ලාය.. එයා අපි රෝවර් කියන අනාවර්ථ නාමයෙන් හදුන්වමු මෙයා දැන් ඉන්න නිවැසියන්ට හමුවුනේ දැනට අවු 5කට පමන පෙර ජනවාරි 1 වෙනිදාකය අලුත් අවුරුද්ද ලබා තිබූ හිමිදිරි උදයක නිවසේ දොර අසල මාසයක පමන වයසැති පුංචි බලු පැටියෙක් විය ගෙදර එවිටත් වෙනත් බල්ලෙකු සිටින නිසා මෙයාව අර ගෙන බැරි වුනත් මීට පෙර එලෙසින් ආ බලු පැටවුන් කුෂ්ඨ සෑදි පාරේ දඩාවතේ යමින් සිටින නිසාත් මෙ පැටවාටද ඒ ඉරනම අත්වෙ යැයි සිතූ නිවැසියෝ මෙයාට නිවසේ රැකවරනය දීමට සිතූහ. ඒ වන විටත් නිවසේ සිටින බල්ලා අවුරුදු 9ක් පමන වයසින් යුක්ත නිසාත් මෙ තීරනය ගැනීමට හේතු විය මසක් ගත විය . ඉතා කීකරුව නිවැසියන්ට සිටි මෙි ගෙදර පෙර සිටි බල්ලා මෙි කතා නායකයා පැමින මාසය පිරුනුදා එනමි පෙබරවාරි 1 වෙනිදාක මෙලොව හැර ගියේ මෙයාට එයාගේ අඩුව පුරවන්න කියා මෙනි. දැනට මෙයා ඇවිත් වසර 5ක් පමනවෙි.. මෙයාගේ විශේෂත්වය මෙයාගේ යාලුවන් වන්නෙ මෙ බළලුන්ය.. මෙි අය මෙයාගේ ආහාර මෙයා එක්කම බුදියි කොතරමි රසවත් දෙයක් තිබුනත් එසේමයි ඉද හිට තරහ ගිය විටදී පමනක් පුංචි ගෙරවීමක් පමනක් කරතත් අදටත් මෙි මිත්‍රත්වය එසේමය...

  අවසානයේ කියමි මෙසේ...  මිනිසා හා සතුන් අතර වෙනස බුද්ධිමත්බව හා සදාචාරාත්මකභාවයයි.. කුඩා දෙයකට වුවත් ගහ ගන්නා මරා ගන්නා රන්ඩු කර ගන්නා නූතන මිනිසා ගෙන් ගිලිහී යන සමහර හොද ගති මෙසේ සතුන් තුල  දකින්නට ඇත... එහෙත් සමහර මිනිසුන් සතුන් ගෙන් ගන්නේ මෙවන් හොද දේ නොවෙි  නොවෙි.. නරක දේය දකින්නේද සතුන් ගේ නරක දේ පමනි. හොද දේ නොවෙිය. කවුරු එකග නොවුනත් හූනිට නමි හැගෙන්නේ එහෙමය ...                                                                                                                              

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.