Sunday, December 11, 2016

දැකීම ..

අද අප ජීවත් වන්නේ.. ඉහල සමාජයේ සිට පහල සමාජය දක්වා ... ඇත්ත, යුක්තිය පැත්තක තියෙද්දි, බොරුව රජ කරන ලෝකයක. හූනි මෙහෙම කිවිවට කිසිවෙක් ඒ ගැන අහිතක් හිතනවා.. එහෙම නෙවෙි ඔන්න .

මෙි නිසා අපට නිරතුරුව මං මුලා කරන්නන් , මං පහරන්නන් ගෙන් ආරක්ෂා විය යුතු වෙි.  ඒ.. මෙි අය අද කවුදැයි හදුනා ගත නොහැකි තරමට අප වෙසෙන සමාජය මං මුලා වී ඇති නිසා . වටහා ගත නොහැකි නිසා.. මෙි අය යුක්තිය, සාධාරණය යැයි සමහරු පවසන පැත්තේ ද ,අසාධාරණය රජ කරන්නේ යැයි සමහරු පවසන පැත්තේද , අඩු වැඩි වශයෙන්  සිටිය හැකි නිසා. අප කිසි විටෙක එවැනි අයෙකු යැයි නොසිතන අයෙකු, මෙවැනි මං මුලාකරන්නෙකු මං පහරන්නෙකු විය හැකි නිසා..
 

   

අද බොහෝ දෙනා හරි වැරැද්ද කුමක්දැයි නොදැන මෙලෙස පටලා ගනී. ඒනිසා යමක අවසනය දක්වා නොදන්නේ නමි  ඒ  ගැන නිගමනයකට ඒම අනුවන ක්‍රියාවකි.

         
 
   අද සමාජයේ බොහෝ ප්‍රශ්න වලට හේතුව කුඩා දේ ලොකු කර ගැනීමය.. පවුලක සිට  ඉහල සමාජය දක්වා බොහෝ ගැටලු වලට හේතුව මෙයයි ...මෙය සමාජික, වාර්ගික, ආගමික ,ජාතික, ගැටලු බොහෝමයකට මුලයි.. කෙස් ගසක් නිසාද ,රුපියලටද , බිමි අගලටද, මිනිමරා ගන්නේ, ඇන කොටා ගන්නේ මෙි නිසාය, කෙස් ගසක් වැනි දෙයක් කොස් ගසක් සේ  ලොකුවට දකින නිසාය...
නිමා කරන්නමි පවසා මෙසේ... අප ලෝකය දකින්නේ අපේ නෙත් දෙකෙන් පමනි. එහෙත් බොහෝ විට ලෝකයේ ඇස් දහසක්  
අප වටා සැම විට යොමු වෙි ...
.



No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.