Wednesday, December 3, 2014

Jungle King- Part-1 කැලේ රජා -1 වන කොටස

  ( මෙි සිංහයා ප්‍රමුඛ හස්තියෙකු වදුරෙකු වටා ගෙතුන නූතන කැලයක සිදුවීමක් අළලා හූනි කියන කතාවකි... )                                                                                                          හූනිට ඉතින් නිකං ඉන්න බැරි කමට කියන්නේ නමි  මෙි හිතට ආවට.. හිනාවෙන් ඉනාවෙන්  කියන්නේ ඉතින් ඔහේ ආවට ගියාට.. වැටහේවිද? මන්දා කාටත් ඒ හින්දා ඉතින් හරියට.. ඒත් කියලා දානවා ඔන්න ඔහේ හොද හිතින් කාටත් දැන ගන්නට...  කාට හරි වනයේ ඉන්න සතුන් සමහර‍ෙකුට... තේරිලා මෙි ගැන  හිත නරක් කර ගත්තට...   කරන්නට දෙයක්  නැහැ  හොදේ  හූනිට... හිතට ආ දේ කිවිවෙ මෙි හනිකට...

 

   දන්නවනෙ කැලේ රජා කවුද? කියලා.. සුපුරුදු විදිහටම සිංහයා තමා කැලයෙ  රජා කියලා ... මෙි කැලයෙත් වෙනසක් නැහැ මෙයා තමා ඉන්නේ  රජ වෙලා... මෙයාගෙ නම වගේම වැඩත් එතරමි අවුලක් නැහැ පිලිවෙල වෙලා.. වනය හොදින් ආරක්ෂා කර ගන්නත් හරි සූර වෙලා. සතුන් අතර ඇති වන වර්ගවාදී ගැටලු වලදි මැදිහත් වෙලා... විසදලා... කටිටිය අතරේ සමගිය ඇති කරන්නත් වෙන අයට වඩා මෙයා සූර වෙලා...

  ඒ වගේම ඉස්සර වගේ දැන් කැලෑ වල එතරමි සතුන් නැහැනේ බොහෝ විට.. එ්ත් ඔිගොල්ලො  දන්නවනේ අමුතු අයත් ඒ අතරේ ඉන්න බවට. ..  ඉතින් මෙහෙම සිංහ රජා යටතේ  වැඩි අවුලක් නැතුව පෙර සිටි අයට වඩා හොදට.. වනය පාලනය කර ගෙන ගියා කාටත් නොදැනෙන්න හොද විදිහට .. ඒත් මොන තරමි දක්ෂ රජෙක් වුනත් අනේ එක දිගට.. ඒ තනතුරේ රැදිලා ඉතිං ඉන්න කොට, කටිටියකට ඉතින් රුස්සන්නේ නැති වෙන කොට.. සමහර රජ වෙන්න හිතන අය බලනවා ඒ අතරෙ රජ වෙන්නට... පාලනයේ අවුල් වැඩි කරනවා බලය ගන්නට ආශාවෙ හරි හරියට..  මෙහෙම කලක් ගෙවිලා යන කොට.. වෙන රජෙක් ගැන සෙවුමට තීරනය කලා මෙි අයගෙ කැමැත්තට... . ඒත් කවුරුත් දන්න කාරනාවක්නේ සිංහයෙකුට.. අභියෝග කරන්න ඉන්නෙ සිංහයෙක් මිසක් වෙන සතෙක් නැති බවට.. සිංහයාගෙ පැත්තෙන් මෙි සිංහයාට වඩා බලවත් කෙනෙක් නැති කමට... මෙි සිංහයාම තරගයට ඉදිරිපත් කලා.. හරි හරියට නොපැකිලිව සටනට මුලසුනට...
 

ඊලග අභියෝගය කවුද? මෙයාට සටනක් දෙන්න පුලුවන් කෙනා කියලා.. හැම තැනම වෙහෙසිලා.. ප්‍රතිවාදියෙක්  පිලේ කටිටිය සෙවිවා..  වනය පීරලා සොයලා ... කවුරුත් දන්නවනේ.. කැලයේ සිංහයාට ටිකක් හරි අභියෝග කරන්න පුලුවන් කොටියට විතරයි කියලා... මෙි කොටියටත් සතුන් එක්ක  වරක් වර්ගවාදි ගැටුමක් ඇති කරවන්න ගිහිල්ලා .. සිංහයා ඒකට මැදිහත් වෙලා.. කල සටනින් කොටියා ආබාධිත වුන නිසා තරගයට ඉදිරිපත් වෙන්නෙ නැති වෙලා... සිංහයට අභියෝග කරන්න තරමි හයියක් ඇති කෙනෙකු මෙි අය අතරෙත් නැති වෙලා... ඒ නිසාම මෙි අය හරිම සතුටු වෙලා... ඒ අයව පරාද කරපු මෙි සිංහයාව කවුරු හරි පරාද කරන්නට ඔිනෙමයි කියලා.  තමන්ට කල හැකි හැම උපකාරයක්ම සිංහයා පරද්දන ඉදිරිපත් වෙන කෙනාට දෙන්න තීරනය කරලා...

  ඊලගට ඉන්නෙ කැලේ රජා විදිහට තෝර ගන්න පුලුවන් ඇතානේ... ඒත් සටනට සුදුසු දල ඇති හස්ති රාජයෙක් නොමැති වෙලා ...ඒ අයත් කැමති වෙලා.. අනේ වෙන සතෙක් රජ කරන්න ඒකමතිකව සමිමතියකට එලබිලා.. ඒත් සමහර තරගයට කැමති දල නැති අලින්ගේ බලවත් අකමැත්ත නොසලකලා...තම වරිගෙන් පිට කෙනෙකුව තරගයට එදිරිපත් කරලා...

ඉතින් ඔය අතරෙ තවත් හිටියානේ කටිටිය සිංහයා පරාද වෙනවට කැමැති අය හරියට. පෙර බලයේ සිට ඒ තරමි වනයට දැනෙන්නට දෙයක් නොකල සිංහ දේනුවක් හිටියා හැම විටම මෙි සිංහයගේ හරහට. මෙි නිසා ප්‍රධාන වුනා සිංහයා පරදන්න මූලික වෙන්න හරි හරියට..එයාගෙ මැදිහත් වීමෙන් සිංහයා හා සටනට.. ඉදිරිපත් කලේ මෙයා වදුරෙක් අනේ වෙන නැතුවට..      කොටින්ම සිංහයාගේම පරිවාර සේනාවෙි සිටි එකට ... අර සිංහ දේනුවත් හොදින් හදුනන වදුරෙකි දැමිමෙි සොයා බලා තරගයට...

ඉතින් අනේ වදුරෙක් එක්ක මොන සටනක්ද සිංහයෙකුට කියලා. ඉතින් තරගය තාම පවත්වලා නැති වුනත් ,දැනටමත් අනේ  කවුරු මොනව කිවිවත් බහුතරයක් කියන්නේ නමි සිංහයා  දැනටමත් දිනලා කියලා...  ඉතින් තරගයට පෙරම හූනි වෙිලාසනම මෙහෙම කියලා ...කතාව නතර කරනවා ඉදිරියෙදි මෙි කතාවෙි අවසානයට වෙන්නේ මොකක්ද? කියලා... දන්නෙ නැති වුනත් වෙිලාසනම මෙහෙම කියලා...   

          ප්‍රසිද්ධ පිරුලක් අහලා තියෙනවද? ඔයාලා..... විද්දොත් හස්ති රාජයෙකුට විදින්න කියලා....(තේරුම සටනක් කලොත් බලසමිපන්න කෙනෙක් සමග සටන් කරන්න කියලා) ඒත් හස්ති රාජයෙකුගේ නායකත්ව බලය බැරිකමට පනින රිලවෙකුට දීලා....  පනින රිලවුන්ට ඉනිමං වුවමනා නැති බව අමතක වීලා.... මෙි නිසා දුබලයා බලවතා කවුදැයි කාටත් පැටලිලා.... ඒත් ඇත රිලවාට නමි සටනට බල සමිපන්නයෙක් අනේ ලැබිලා ....ඒත් සිංහයාට නමි මෙි රිලවා දුබලයෙක් වෙලා... ඔහුගෙ දුර්වලතා දන්න නිසා සටනක් නැත.. තරගයට පෙරම ජය කොඩිය ඇත.. සිංහයා පැත්තටම නැමිලා ...     

( හූනි හිතන විදිහට නමි සිංහයාම දිනාවිනේ... එහෙම වුනොත් හොදයිනේ ...  ඒ් ගැන 2 - කොටසින් කියන්නමිෙකා්)

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.