Wednesday, November 26, 2014

හූනි කියන කතා ගැන යමක් ...

හූනි කියන කතා බිලොග් අවකාශයේ සැරි සරන්න වෙලා යන්තමි වසරක් ගත වී ඇතත් හරියට.. පුංචි ලදරුවෙක් වාගෙයි සිතෙන්නෙ හූනිට. මෙහිදී බාධා අවහිර මුන නොගැසුනාද නොවෙි ඉද හිට.. එහෙත් ඒ බාධා මැදින් යන ගමනේ යමි සාර්ථකත්වයක් ලගා කර ගන්නට හැකි වීම ගැන හූනි හදවතින්ම සතුටු වෙනවා අද වන විට.. ගොඩක් අයට වගේ නොවෙි.. උඩ ගං බලා පීනන වැනි ගමනක් යන්න ආ හූනිට.. මෙි ගමන තනිව යන විට.. අත දුන්නෙ ඉතා සුලු පිරිසක් වුනත් එය මහා ශක්තියක් ලෙස දැනුනා හූනිට..  හූනි යන්නෙ හුදකලා ගමනක් ඒත් යා යුතු යැයි සිතන ගමනක්.. බිලොග් ලිවීම නිසා හූනිගෙ හිතට සැහැල්ලුව සතුට දැනුම ලගා වෙනවා වගේම.. ඒවා කියවන ඔබ සැමටත් ඒ සතුට දැනුම වගේම ආශ්වාදය ලබා දීමයි හූනිගෙ බලාපොරොත්තුව වෙන්නේ සැම විට.. ඒ සදහා හූනි කියන කතා බොහෝ විට ..යොදා ගත්තේ හදවතට එකගව ආ සත්‍යයේ සිතුවිලි සටහන් කිරීමටයි හැම විට.. එය කෙතරමි දුරට සාර්ථකදැයි හූනි කියන කතාවලට නොවැටහුනාට.. සමාජයට යමි පනිවිඩයක් වැටහෙන විදිහට දුන්නා යැයි හූනිට නමි විශ්වාසයයි අද වන විට... ඒ වගේම වෙන අයට වඩා වෙනස් වූ හූනිටම ආවෙිනික වූ ගමනක් යන බවත් බිලොග් කියවන අයටත් වැටහෙන්නට ඇති සමහර විට.. ඒ හූනිටම ආවෙිනික වූ සිතුවිලි වල වෙනසයි.. මෙි කිසිවක් කිසිවෙකුන් උපුටා නොගත් ඒවා නිසයි.. හූනිටම මොහොතකට නැගුනු සිතුවිලි වල එකතුවක් මෙහි ගැබි වෙලා ඇති නිසයි .. හූනි කතාවක් නොකියා අද මෙසේ පැවසුවෙි ..මෙි ගැන යමක් ඔබ සැමට වටහා දිය යුතු යැයි සිතූ නිසයි.. දැන් ඔබ ඒ ගැන යමක් වටහා ගන්නට ඇතැයි ..හූනිගෙ මෙි මොහොතේ නමි විශ්වාසයයි.. නිමා කරනෙමි මෙසේ... මෙි සටහන සුපුරුදු විලසින්.. යලි මුන ගැහෙනා ලෙසින්.. හූනි කියන කතා තුලින්.. හූනිගේ මතකයේ ඔබ සැම රැදී හිදිනා තුරා..  ඒ මතකයන් තුලින් යලි  දිනක... හූනිගේ සුපුරුදු හඩ අවදි කරනා තුරා... 

Huni කියන කතා

  Huni කියන කතා - 2

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.