හූනි මෙි කියන්නේ ඔහේ හිතට ආ කතාවකි. කතාව මනස්කල්පිතය. එහෙත් මෙවන් කතාවක් හැබැහින් විය හැකි බවත් අමතක නොකල යුතුය..•‿•)
කවුරුත් දන්නවනේ බළලා අවිහිංසක ඒ වගේම හීලෑ වූ විට බොහොම මිත්‍රශීලි සත්වයෙක් බව. කොටියා එසේ නොව බොහෝ විට රෙෘද්ර අනුකමිපා විරහිත කුරුමානමට දක්ෂ සත්වයෙක් බව. එමෙන්ම ප්‍රමානයෙන්ද මෙි දෙදෙනා බොහෝ වෙනස්කමි ඇති බවක්. එසේ වුවත් මෙි දෙදෙනා එකම පවුලකට අයත් සත්ව කොටිඨාශයක් බව.
උස් ,පහත් බව හා ලොකු ,කුඩා බව මිත්‍රත්වයකට බාධකයක් නොවුනත් මෙි දෙදෙනා අතර එතරමි කිටිටු සබදතාවක් නොතිබුනු බවත් කිව යුතුමය. බළලාට එහි අවශ්‍යතාවයක් විටෙක ඇති වුනත්, කොටියාට නමි ඒ සබදතාව මදි පුංචිකමක් හෑල්ලුවක් ලෙස සිතූ වාර අනන්තය. ඒ තරමට කොටියා ඉන්නේ හිතට අර ගත්සේය.
එහෙත් මෙි දෙදෙනා යමි මිත්රශීලීව ගත කල කාලයක් ද නොතිබුනා නොවෙි. බළලාට කොටියා ගස් නැගීමට පුරුදු කලේ ඒ කාලයේලු. එහෙත් කොටියාගේ ඇති මහන්තත්තකම නිසාම, අනෙක් අය ගැන නොසිතන, අනුකමිපාවෙන් නොබලන නිසාම , බළලාට නැවත ගසින් බැසීමට කියා දුන්නේ නැතිලු. ඒත් බළලාටත් එය දැන ගැනීමෙි කල්පනාවක්, උවමනාවක් තිබුනේ නැතිලු. එසේ වූයේ දුර දිග සීතීමෙි ඥාණයක් බළලාට තිබුනේ නැති නිසාලු. බළලාට කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවක් මතකයට නොනැගුනේලු . කොහොමෙන් කොහොමෙන් හරි කොටියා බළලාට ගසකට නගින්න කියා දුන්නේ අරමුනක් ඇතිවලු. බළලා ලවා කොස් ඇට බාවන්න හිතා ගෙනලු. ඉතින් බළලාද තමන්ට නැගීමට කියා දී උදවි කල කොටියාට පන ඇරලලු. ඒ නිසා කොටියා කියන හැම දේම ඔලුව වනා අනුමත කර කල හැකි දේ ඇත්නමි වහා කර දුන්නේලු. මෙසේ අකුරට වැඩ කිරීම නිසා බළලාට නොදැනීම වන පාඩුව ගැන හැගීමක් වුනේ නැතිලු. කොහොමෙන් කොමෙන් හරි ඉහලට නැග්ග බළලාට තම අවශ්‍යතාවයකට පහලට එන්න සිතුනාලු.
එතකොටයි මතක් වුනේ තමන්ට කොටියා පහලට බහින සාස්තරය කියා නොදුන් බව. එවිට බළලාට වැටහුනා කොටියාගේ තරම. ඒ අවබෝධ වන විට පරක්කු වැඩිලු. දැන් වෙන්නේ නොදැන ගහින් බහින්නට ගොස් තමන්ව අවදානමකට ලක් කර ගන්නලු .ආබාධයකට ලක් වෙන්නලු. ඉතිං මෙහෙම කතාවක් හූනිට කියන්නට හිතුනේ අද අප ජීවත් වන සමාජයේ ඉන්න සමහර මිනිසුන්ද මෙි බළලුන් වාගෙ නිසාය. උපදෙස් මෙන්ම උදවි ද ගන්නේ නොගැලපෙන අය ගෙන්මය. ඉන් පසු මූනත් එක්කලා තරහට නහය කපා ගෙන ලත වෙන්නේ.. මෙි බළලුන් වාගේය. ඒ විට සියල්ල සිදුවී බොහෝ විට හමාරය.යමක් කරන්නට පෙර කවුරු කවුරුත් සිතිය යුතු බව මෙි කතාවෙන් නිහඩව කියන්නේ ඒ කතාවය.
ඉතින් හූනිට ඔහේ හිතට ආවැයින් කිවිව මෙි කතාවත් ඔිං ඉතින් හමාරය..•‿•) |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.