Tuesday, December 29, 2015

යනු..

ජීවත් වීම යනු ජීවිතේ ගෙවා යන විට ලැබෙන හමු වන අත් දකින බොහෝ දේ තේරුමි ගෙන ජීවත් වීමට උත්සහ ගැනීමය






අන්වීක්ෂයක් යනු කුඩා දේ ලොකු කර හදුනා ගැනීමට උපකාර වුනත් හැම දේම දිහා අන්වීක්ෂයකින් නොබලන්න



ධෛර්ය්‍යය යනු අනතුරු ගනන් නොගැනීම නොව ඊට මුහුන දීමට ඇති හැකියාවයි


දර්ශනය යනු ජීවන රිද්මයයි

ජීවිතය යනු හිස් නොකල යුතු පිරවිය යුතු බදුනකි


පරාජය යනු තමන් වෙත නිරතුරු ලගා වෙන්නක් නොවෙි


ජීවිතය යනු පාඩමි පොතකි එය දෛවය විසින් ලියා ඇත එය අප කියවිය යුතු නැත දෛවය අපට එහි පාඩමි කකියා දෙනු ඇත



 

ප්‍රේමය යනු ප්‍රඥාවන්තයාගේ මෝඩකමය මෝඩයාගේ ප්‍රඥාවන්තකමය

Wednesday, December 16, 2015

හූනිගෙම සංකල්පනා එකතුව - 6


බොහෝ වෙලාවට අපට විවිධ මිනිසුන් අතර මග මුන ගැහෙනවා....ඒ අය ගෙවන දුෂ්කර ජීවිත ගැන පුදුම හිතෙනවා.....ඒත් ඒ හැමෝම කෙසේ හෝ ජීවත් වෙනවා....සමහර විට මන්දිර වල සිටිනා අයට වඩා සතුටින් ජීවත් වෙනවා...


මෙි දිස් වෙන්නෙ හූනිලා උපන්දා සිට ජීවත් වන පරිසරය... දැන් දැන් මෙම පරිසරය බොහෝ වෙනස්කමි වලට භාජනය උනත්, හූනිට පරිසරයට ආදරය කරන්න  කියා දුන්නෙ මෙි පරිසරයමය... අදටත් හූනි පරිසරයට ආදරය කරන්නේ මෙම පරිසරයේ බල මහිමය නිසාය...

          හිතුවොත් කරන්න බැරි දෙයක් නැතැයි කියමනට කීවාට හිතුවත් හැම දේම හැමෝටම කරන්න බැරි

ඇත්ත තිත්තය  

සමහරු හූනිගේ කියමනට එකග නොවෙන්න පුලුවන්.. උරන වෙන්න පුලුවන්  ඒත් ඒ තමා හූනිගෙ අදහස. මුදල් වැඩියෙන් ඉපයීමෙි පරමාර්ථයෙන් මවිවරුන් දරුවන් දමා විදේශ ගත වෙන එකට හුනි කවදත් එකග නැහැ..  එසේ මවි සෙනෙහස අහිමි වී දුක් විදින අය  දැකලා තියෙන නිසා 


ජීවත්වීම යනු අභියෝග වලට මුහුන දීම

වැස්ස..වැස්ස..වහිනවා...වැස්ස...එලියට බැස්සොතින්...තෙමෙන්නට වෙනවමයි නොමැත සැක...කුඩෙිටත් ඔරොත්තු නොදෙනා..මොර සූරන  වැස්ස...සිතෙහි ඇති වන සිතුවිලි මෙනි...මෙි ඇද හැලෙනා වැස්ස...

සසදා බැලිය යුත්තේ ඔබයි මෙය අදට කොපමන ගැලපෙනවාද? කියා....



වැරදුනු විට කෙනෙකුට සමාව දිය හැකිය එහෙත් වැරදිම නිසා වැරදෙන බොහෝ තැන් නිවැරදි කිරීමට කිසිදාක නොහැකිය


 ඇත්ත විහිලුවට ගැනීමයි.. විහිලුව ඇත්තට ගැනීමයි.. අද සුලභ දෙයක්..

වාසනාවට මිසක උත්සහයට මුන නොගැසෙනා දෙයක් යන්නට සමහරු මෙතනදි  හුනිගෙ කියමනට එකග නොවෙන්න පුලුවන්.. ඒත් හූනි කියනවා වාසනාවට ලැබෙන දේ උත්සහ කලත්, නොකලත් ලැබෙන්න තියෙනවා නමි ලැබෙනවා කියලා...

...                    .¸¸☆ ·.¸¸ ´*·.¸¸☆  .¸* .¸.¸¸☆

Tuesday, December 8, 2015

මතකයේ රැදුනු ගී වැකි - 1

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...


පූජාසනයේ ඔබ හිදුවා.... ඔබට පුදන මෙි ලෝකයමයි හෙට ,ඔබට එරෙහි වී නැගිටින්නේ....


යාලුවෙි සිතින් හඩන්නෙපා..මාලුවෝ තවත් හිදී ජලේ..ප්‍රේමයේ රගේ තාරකා වගේ..රෑ දිලී දිලී උදේ නිවෙ..


විශ්වාසය නිදන් කෙරුව සිතක් බිදුනු පසු ... කල්පයක්ම සොයා ගියත් නැතේ කිසිම ඔසු

 

අනුන් නිසා ඇස උපදින කදුලයි කැලුමි නගා ඇස සරසන්නේ....


වන සිවිපාවුන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත


ප්‍රේමය නමි රාගයෙන් තොර සද එළිය සේ අචින්තයි පාරිශුද්ධයි සුරම්‍යයයි


ප්‍රේමයයි වෛරයයි අතරෙ..වෙනස කෙස් ගසකට සමයි.. බිදුනු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි


සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා... සිතේ ඇති දේ කවුද? දන්නේ කියන්නට විමසා...


ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සිහිනයක් නොවෙි ජිවිතේ....  අරුන යාමෙි පිපි තුෂර පිනි බිදක් වගේ... ආදරේ බිදේවි මෙහොතකින්


රන් හිරු මඩලින් සිසිලස අයදිනවා....පුන් සද පහනින් උනුසුම අයදිනවා....ලෝකය බිහි වුදා සිට අරුමෙකි මිනිසා... ගිනි හිස ඉදුවර සොයමින් ලතවෙනවා...

Saturday, December 5, 2015

පරන අවුරුද්ද...

               

   
 
මිනිසා යනු ලැබෙන්න ලැබෙන්න එයින් සෑහීමකට පත් නොවන කොටිඨාශයක් යැයි හූනි කියූ විට සමහරු එය පිලි නොගන්නට පුලුවන.
එහෙත් සල්ලි තියෙන කොට සමහරු හිතනවා.. සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා.. ඒ එක්කම හිතට වද දෙනවා... ඒ තිබෙන දේ හොර හතුරන් උදුරා ගනීවි  කියලා.. ඒත් එයින් සෑහීමකට පත් නොවී.. තව තව හමිබ කරන්නම හිතනවා.. ලද දෙයින් සතුටු නොවීලා.. ඒ වගේමයි සල්ලි නැති කෙනා හිතනවා.. සල්ලි තියෙන තැනයි සතුට තියෙන්නෙ කියලා.. ඒත් පසුව ටික ටික ලැබෙන්න ලැබෙන්න තේරුමි ගන්නවා .. සල්ලි කියන්නෙ සතුට නෙවෙි කියලා..
(වියත් වදනක්)
සතුට නිරතුරු ඇති වෙන්නෙ හොද දේ තුලින්. එයින් තමන්ට මෙන්ම අන් අයටත් සතුටක් ඇති වන එකයි මෙි නිසා සිදු වෙන්නේ.. 
                         

මෙහෙම හූනි කියන්න හිතුවෙි... අවුරුද්දක් ගෙවී නව අවුරුද්දක් ලග ලගම උදාවෙනවනේ. ගෙවී ගිය අවුරුද්දේ කල කී දෑ වලින් හිතට කා වැදුනු හොද නරක කල යුතු නොකල යුතු සමහරක් දේ රුචිකත්වය අනුව රැගෙන එනවා දාලා එන්න ලෝභකමට.  ඒ අර ගෙන ආවෙි හොද දේ නමි කාටවත් හානියක් නැත.    ඒ වගේම තමන්ටත් හොදය. තමුන්ගේ ප්‍රිය මනාපයට අහිතකර දෙයක් රැගෙන ආවෙි නමි එය කාටත් හොද නැත.  

මුදල් මූලික කර ගෙන හුනි මෙි කතාව පටන් ගත්තට තවත් දේ තියෙනවා මිනිසා නිරතුරු හබා යන්න වෙහෙසෙන.... සමහර අතවශ්‍ය දේත් මෙි අතරෙ මුල් තැන ගන්නවා.. ඔිනවට වඩා හබා යාමෙන් මිනිසා වල්මත් කරවන. 
 සමහරුන්ට වරදින්නේ සමහර දේ ගැන ඔිනවට වඩා දැන ගැනිමට යෑම ,ලං කර ගැනීමට යෑම හා ලබා ගැනීමට යාම නිසා නොවෙද?
  ඉතිං අවසාන කරනවා හුනි පවසා මෙසේ... පරන අවුරුද්දෙ වුන අතපසුවීමි නිසා කෙනෙකුට යමි තැනක් වැරදුනේ නමි, සිත රිදුනේ නමි පාඩුවක් වූයේ නමි ඒ මතකයන් පරන අවුරුද්දේ තබා නව වසරට සතුටින් පිය නගා යමු ...
           
ගෙවි යන වසර‍ෙ සිට හූනි පතනවා...  ලබන්නා වූ නව වසර හැමෝටම සුභ වෙන්න..

Wednesday, December 2, 2015

තැනක තිබුනා මෙසේ ...

 මෙහි ඇත්තේ..  නිසල වන අරණක  සටහන්ව තිබූ හූනිගේ සිත් ගත් වැකි කිහිපයකි. එම සටහන් වූ දේ ඔබෙිද  සිත් ගනු ඇතැයි හූනිගේ විශ්වාසයයි..

ජීවිතයේ එන හැම දේකටම සිනාමුසුව මුහුන දෙන්න


පුංචි කෙනෙක් වුනත් ඔබෙි වැරදි පෙන්වා දෙන්නේ නමි එය පිලිගන්න


අනුන් සමග ගනුදෙනු කිරීමෙි කලාව ජීවත්වීමෙන් ඉගෙන ගන්න

අන් අයගේ වැරදි සොයා යෑම කුණු සොයා යැමක් බව සලකන්න


ජීවත්වීම යනු අභියෝග වලට මුහුණ දෙන්න


සමගි උනත් සමගිකිරීමට හැකි උත්සහයක්ම ගන්න 


වැරදි පිලි ගන්නා කෙනෙකුට වැරැද්ද කරැනාවෙන් පෙන්වා දෙන්න


හදවතට අවංකව කතා කරන්න පුරුදු වන්න


පෙන්වා දෙන වැරැද්ද ඔබ තුල ඇත්නමි එය නිවැරදි කර ගන්න


වෛර කිරීමෙන් ඉතිරි ව්නේ දුක පමනක් බව සිතට ගන්න

වැරදි පිලිනොගන්නාට වැරදි පෙන්වා දීමෙන් වලකින්න

ලැබෙන පලියට හෝ තිබුනු පලියට නාස්ති නොකරන්න