Huni කියන කතා - 2 (දකින ,වැටහෙන විදිහට හූනිගේ ඇසින් ලෝකය දැකීම -2)
හූනි කියන කතාවෙි අතු ,ඉති නැත Huni කියන කතා පමනයි.
Friday, September 6, 2019
Tuesday, February 12, 2019
ජීවිතයේ සුන්දරකම අද දවසේ රදවා ගන්න... ඒ ගැන සිහිකර අද නොව හෙට දිනයේ සතුටු වෙන්න.
Sunday, December 11, 2016
හොදින් ගෙවුනොත් අද දිනේ ...
අද දිනේ පටන් ගැන්ම මෙන්ම අවසානයත්,
හෙට දිනය හොදින් ආරමිභය වීම සදහා නිරතුරු හේතු කාරකයක් වෙි...
අද දිනය ගෙවන අයුරින් හෙට දිනය කෙසේ වෙිදැයි, අප නොදැනීම අපම තීරනය කරනු ඇත.
අද දිනය හොදින් ගත කරනා අප ,හෙට දිනට මුල පුරන්නේ... ඒ සොදුරු මතකයන් සිතේ කොනේ තබා ගෙන .
ඒ නිසා අද දිනත් හොදින් ගෙවමු.. හෙට දිනේ සොදුරු දිනයක් ලෙස දකින බලාපොරොත්තුව සිත් කොනේ රදවා ගෙන..
ජීවිතයේ සුන්දරකම අද දවසේ රදවා ගන්න... ඒ ගැන සිහිකර අද නොව හෙට දිනයේ සතුටු වෙන්න...
හූනිගේ සත්‍යය කතා-1
මෙය කෙනෙකුට කලාතුරකින් අත් විදින්න සිදු වෙන දුර්ලභ සිදුවීමක් නිසා හිතුනා මෙි කතාව ඔිගොල්ලොලන්ටත් කියන්න ඔිනෙ කියලා.. ඔන්න දන්න නිවසක ඉද හිට පාවිචිචි කරන කාමරයක සංගීත භාන්ඩයක් තුල ලේනියෙක් කූඩුවක් සාදා පැටවි දෙන්නෙක් දමා තිබුනා.. ගෙදර අයවත් මෙි ගැන දැනන් හිටියෙ නැහැ. ඒ කාමරය වැඩිය පාවිචිචි කරන්නෙ නැතිව වසා දමා ඇති නිසා.. එත් දවසක් ලේන් පැටියෙක් කාමරය පැත්තෙන් අහමිබෙන් කෑගසන සද්දයට දොර ඇරලා සද්දෙ ආව පැත්ත දිහා විපරමි කර බලන විට සංගීත භාන්ඩයක් තුල සෑදු ලේන් කූඩුවක චූටි පැටවි දෙන්නෙක්. ඒ වගේම තවත් කූඩුවක් උලුවස්සක කෙලවරක තියෙනවත් දුටුවා.. මෙි බව දැක්කට පස්සෙ ගෙදර අය ටිකක් මෙි ගැන සෝදිසියෙන් ඉදලා.. එක් දවසක අර ලේන් පැටවුන් එක දිගට කෑගහන්න පටන් අරන්.. මුලු දවස තිස්සෙම ඉතින් ගෙදර අය දැන ගෙන ලේනියට කුමක් හෝ අනතුරක් සිදුවී ඇති බව. ඉතිං මෙි අයට ප්‍රශ්නයක් වුනා.. මෙි ඇස් ඇරලවත් නැති ලේන් පැටවුන් හදා ගන්නෙ කොහොමද? කියලා පස්සේ ඒ අභියෝගය බාර ගත්තු නිවැසියෝ මෙලෙසින් ඒ අය රැක බලා ගත්තා.. හැකි විදිහට වැඩෙි සාර්ථක වුනා.. නොහිතපු විදිහට
මෙහෙම රැක බලා ගත්තු මෙි දෙන්නා දින කිහිපයකට පසු දෙනෙත් ඇර ලෝකය දකින්න වුනා.. සති අන්තයක් පැමිනියා.. පැටවි බලාගත්තු කෙනාට දිගු ගමනක් යෙදුනා.. ඒ නිසා නිවසේ ඉන්න වෙනත් කෙනෙකුට මෙි අයට සාත්තු කරන්න බාර කර ඒ අය යොදා ගත් ගමන ගියා... නිවසේ බාර දීලා ගිය කෙනාට මෙි අයට කිරි පොවන්න වෙනදට වඩා පමා වුනා.. මෙි අය බඩගින්නට කෑගහන්න ගත්තා.. ඒ සද්දෙට මතක් වෙලා පැටවි දෙන්නට කිරි දෙන්න හිතා ගෙන කාමරය දොර ඇරලා බලන කොට වෙන තැනක හදා තිබූ කූඩුවෙි ලේනිය මෙයින් එක පැටියෙක් කටින් උස්ස ගෙන අර ගෙන යනවා දැකලා ... දැන් එක පැටියයි ඉන්නෙ. එයාට කිරි පොවලා බලා ගෙන වෙන කරන්න දෙයක් නැහැනේ. ඒත් බඩ පිරුනට අනික් පැටියා නැති නිසා සැරින් සැරේ කෑගන්න වෙලා... ඔය අතරෙදි ගමන ගිය අය ආපහු නිවසට ඇවිල්ලා.. බලා ගන්න පවරපු කෙනා ගෙන් ලේන් පැටවි ගැන අහලා .. ඉතින් එයා වෙිචිච සිද්ධිය කියලා .. මෙිගොල්ලෝ පස්සෙ උඩ නැගලා අනික් ලේන් කූඩුව ඇතුල බලලා.. කිවිව වගේම අර පැටියා ඉන්නවලු.. අනික් පැටවුන්ට(ලේනිගේ පැටවි දෙන්නාට) තුරුලු වෙලා.. ප්‍රමානයෙන් පොඩි වෙනසක් ඇති නිසා මෙයලා අර පැටියව අදුර ගෙන. දැන් කල්පනා කරලා.. අනික් පැටියා තනියම ඉන්න එකත් හොද නැති නිසා .. මෙයාවත් ඒ කූඩුවෙන් තියන්න. ඒ වුනාට එක පාරටම කූඩුවෙි තියන් නැතුව පැටියට මොනා හරි වෙයි කියලා හිතලා කූඩුව කිටිටුවට වෙන්න තියලා.. හැංගිලා බලන් ඉදලා.. මෙන්න ඒ පැටියවත් අර ලේනි කූඩුවට අරන් ගිහින්.. දැන් ඒ පැටවු දෙන්නට අමිමා කෙනෙක් හමිබ වෙලා.. හොදින් ඉන්නවලු. පුදුමයිනේ! මෙි කතාව මෙලෙසින් සතුටු සිතින් හමාර කරමි. අර ලේන් අමිමටයි පැටවුන්ටයි හොදක්ම වෙන්න කියලා පතලා..
|
ඔන්න තවත් අමුතුම සත්‍ය කතාවක් කාටත් හිතට ගන්න... මෙ මම දන්න කෙනෙකගෙ ගෙදර ඉන්නා පූසන් 3 දෙනෙක්... මෙහි විශේෂත්වය මෙි අමිමයි පැටවි දෙන්නයි වීම ... අමිමා තමා පැත්තක ඉන්න අලු පාටට හුරු කලු පැල්ලමි තියෙන කෙනා... කහ දුඹුරු සුදු තැඹිලි මිශ්‍ර පැහැ ලොකු කෙනා ඉස්සෙල්ලා පැටවුන් ගෙන් ඉතුරු වුන මෙ බැලලිගේම පැටියෙක් පස්සෙ පැටවුන් ගෙන් ඉතුරු වුන පැටියා පුංචි පැටියා ඔය ඉන්න ..පැටවි දෙන්න මුනගැහිලා අඩු කාලයක් වුවත් මෙයා අමිමට වැඩිය එකතු අර ලොකු පැටියට ..(මෙ පින්තූර දකින ඔබට එය පැහැදිලි වෙවි) ...බැළලි නැති වෙලාවට පුංචි පැටියා බලා ගන්නේ කහ දුඹුරු තැඹිලි මිශ්‍ර පැහැ එක්කෙනා හරියට අමිමා වගේ සත්තු වුනත් මෙ අයගේ බැදීම තම ලේ ඥාතීත්වය මෙි අය අදුනා ගන්න හැටි පුදුම නොවෙද? සමහර මිනිසුන්ට වඩා මෙි අය මානුෂික නොවෙද? ඒ පැටියා ලොකු වෙලා.. එයාගේ නංගිලා මල්ලිලා බලා ගන්නවා මෙහෙම... |
මෙහි කතා නායකයා මෙ පින්තූරයේ සිටින බල්ලාය.. එයා අපි රෝවර් කියන අනාවර්ථ නාමයෙන් හදුන්වමු මෙයා දැන් ඉන්න නිවැසියන්ට හමුවුනේ දැනට අවු 5කට පමන පෙර ජනවාරි 1 වෙනිදාකය අලුත් අවුරුද්ද ලබා තිබූ හිමිදිරි උදයක නිවසේ දොර අසල මාසයක පමන වයසැති පුංචි බලු පැටියෙක් විය ගෙදර එවිටත් වෙනත් බල්ලෙකු සිටින නිසා මෙයාව අර ගෙන බැරි වුනත් මීට පෙර එලෙසින් ආ බලු පැටවුන් කුෂ්ඨ සෑදි පාරේ දඩාවතේ යමින් සිටින නිසාත් මෙ පැටවාටද ඒ ඉරනම අත්වෙ යැයි සිතූ නිවැසියෝ මෙයාට නිවසේ රැකවරනය දීමට සිතූහ. ඒ වන විටත් නිවසේ සිටින බල්ලා අවුරුදු 9ක් පමන වයසින් යුක්ත නිසාත් මෙ තීරනය ගැනීමට හේතු විය මසක් ගත විය . ඉතා කීකරුව නිවැසියන්ට සිටි මෙි ගෙදර පෙර සිටි බල්ලා මෙි කතා නායකයා පැමින මාසය පිරුනුදා එනමි පෙබරවාරි 1 වෙනිදාක මෙලොව හැර ගියේ මෙයාට එයාගේ අඩුව පුරවන්න කියා මෙනි. දැනට මෙයා ඇවිත් වසර 5ක් පමනවෙි.. මෙයාගේ විශේෂත්වය මෙයාගේ යාලුවන් වන්නෙ මෙ බළලුන්ය.. මෙි අය මෙයාගේ ආහාර මෙයා එක්කම බුදියි කොතරමි රසවත් දෙයක් තිබුනත් එසේමයි ඉද හිට තරහ ගිය විටදී පමනක් පුංචි ගෙරවීමක් පමනක් කරතත් අදටත් මෙි මිත්‍රත්වය එසේමය...
අවසානයේ කියමි මෙසේ... මිනිසා හා සතුන් අතර වෙනස බුද්ධිමත්බව හා සදාචාරාත්මකභාවයයි.. කුඩා දෙයකට වුවත් ගහ ගන්නා මරා ගන්නා රන්ඩු කර ගන්නා නූතන මිනිසා ගෙන් ගිලිහී යන සමහර හොද ගති මෙසේ සතුන් තුල දකින්නට ඇත... එහෙත් සමහර මිනිසුන් සතුන් ගෙන් ගන්නේ මෙවන් හොද දේ නොවෙි නොවෙි.. නරක දේය දකින්නේද සතුන් ගේ නරක දේ පමනි. හොද දේ නොවෙිය. කවුරු එකග නොවුනත් හූනිට නමි හැගෙන්නේ එහෙමය ...
දැකීම ..
අද අප ජීවත් වන්නේ.. ඉහල සමාජයේ සිට පහල සමාජය දක්වා ... ඇත්ත, යුක්තිය පැත්තක තියෙද්දි, බොරුව රජ කරන ලෝකයක. හූනි මෙහෙම කිවිවට කිසිවෙක් ඒ ගැන අහිතක් හිතනවා.. එහෙම නෙවෙි ඔන්න .
මෙි නිසා අපට නිරතුරුව මං මුලා කරන්නන් , මං පහරන්නන් ගෙන් ආරක්ෂා විය යුතු වෙි. ඒ.. මෙි අය අද කවුදැයි හදුනා ගත නොහැකි තරමට අප වෙසෙන සමාජය මං මුලා වී ඇති නිසා . වටහා ගත නොහැකි නිසා.. මෙි අය යුක්තිය, සාධාරණය යැයි සමහරු පවසන පැත්තේ ද ,අසාධාරණය රජ කරන්නේ යැයි සමහරු පවසන පැත්තේද , අඩු වැඩි වශයෙන් සිටිය හැකි නිසා. අප කිසි විටෙක එවැනි අයෙකු යැයි නොසිතන අයෙකු, මෙවැනි මං මුලාකරන්නෙකු මං පහරන්නෙකු විය හැකි නිසා..
අද බොහෝ දෙනා හරි වැරැද්ද කුමක්දැයි නොදැන මෙලෙස පටලා ගනී. ඒනිසා යමක අවසනය දක්වා නොදන්නේ නමි ඒ ගැන නිගමනයකට ඒම අනුවන ක්‍රියාවකි.
අද සමාජයේ බොහෝ ප්‍රශ්න වලට හේතුව කුඩා දේ ලොකු කර ගැනීමය.. පවුලක සිට ඉහල සමාජය දක්වා බොහෝ ගැටලු වලට හේතුව මෙයයි ...මෙය සමාජික, වාර්ගික, ආගමික ,ජාතික, ගැටලු බොහෝමයකට මුලයි.. කෙස් ගසක් නිසාද ,රුපියලටද , බිමි අගලටද, මිනිමරා ගන්නේ, ඇන කොටා ගන්නේ මෙි නිසාය, කෙස් ගසක් වැනි දෙයක් කොස් ගසක් සේ ලොකුවට දකින නිසාය...
නිමා කරන්නමි පවසා මෙසේ... අප ලෝකය දකින්නේ අපේ නෙත් දෙකෙන් පමනි. එහෙත් බොහෝ විට ලෝකයේ ඇස් දහසක් අප වටා සැම විට යොමු වෙි ....
ලස්සනම පක්ෂියා මොනරා ගැනයි මෙි ...
.
හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. විශාලත්වයෙන් පිහාටුවල ස්භාවයෙන්ද වර්ණවත් ස්භාවයෙන්ද ස්භාවිකව තම ශරීරය පිහිටා ඇති කලාත්මක ස්භාවයෙන්ද මොනරා අනෙක් පක්ෂීන්ට වඩා විශේෂත්වයක් ගනී. මෙි නිසාම වර්ණවත් ලොවෙි අලංකාර නිල් පැහැයේ එක් පැහැයක් මොනර නිල් (Peacock Blue) යැයි හදුන්වන්නේ මෙි අලංකාර බව නිසා යැයි හූනිගේ නමි විශ්වාසයයි. ලංකාවට ආවෙිනික පක්ෂියක් නොවුනත් ජාතික පක්ෂියා නොවුනත්, ශ්‍රී ලංකාවෙි සංස්කෘතියට මෙන්ම ඉතිහාසයේ පුරා වෘත්තාන්තවල මෙි පක්ෂියා ගැන සදහන් වන්නේ ශ්‍රී ලංකාවට වැදගත් වන පක්ෂියෙක් වන නිසාය.
මොනරාගේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ පිල් කළඹේය.වැඩුණු මොනර පිල් කළඹක් මීටර් දෙකක් පමණ වේ. සෙබඩ හා සසඳන විට මොනරා ඉතා සුන්දරය. අවානක හැඩයක් ඇති පිල් කළඹ 1_1.5 ක් පමණ දිගින් යුතුය. පිහාටු 100 කට ආසන්න ප්‍රමාණක් පිල් කළඹේ ඇත.පිහාටුවක මුදුනේ නිල් හා කොට ලෝකඩ වර්ණයෙන් යුත් දීප්තිමත් ප්රාගක්ෂිය (ocellus) බැගින් ඇත. මොනරාගේ පිල් කලඹ ගැන ජනවහරේ එන කතාවක් අපි කුඩා කල අසා ඇත. අතීතයේ මොනරා ලස්සන පක්ෂියෙක් නොවෙි.. අවිචිචියා ලස්සන පක්ෂියෙකි .මෙි නිසා මොනරට ආස හිතුනා අවිචිචියාගේ පෙනුමට. ඒ නිසා දවසක් මගුල් ගෙදරක යාමට කියා අවිචිචියාගේ ඇදුම ඉල්ලා ගත්තේලු. ඊට පසුව එයට ආසා හිතුනු මොනරා ආපසු ඇදුම නොදුන්නේලු. පැමිනිලි කරත් කාගෙන් වත් පිලිසරනක් නොලැබුනේලු. ඒ නිසා අවිචිචියා බලන් ඉන්නවලු මෛත්‍රි බෝසතුන් බුදු වෙනකං ඇදුම ගැන පැමිනිලි කරන්න මෛත්‍රි බුදුන්ට . අවිචිචියා කෑගසන්නෙත් මාචිචි-යන් කියා ඒ නිසාලු. ( කුඩා කල ජනවහරෙන් එන මෙි කතා ගැන සත්‍යය යයි හැගීමක් එකල ඇති වුනත්, වර්තමානය වන විට එසේ පිලි ගැනීමට නමි හූනි ඉක්මන් වන්නේ නැත. ඒ මොනරා යනු විසල් පක්ෂියෙක් වීමත් අවිචිචියා යනු අලංකාර වුවත් කුඩාම පක්ෂියෙක් නිසා..) ඒ වගේම මොනරා කෙතරමි අලංකාර පක්ෂියෙක් වුවත් ඒ හඩ ඒ තරමි අලංකාර නැත. තියුනු හඩක් නිසා.. සෝකයක් මෙන්ම ,බිය ජනක බවක් ඒ හඩෙහි ගැබි වී ඇත. එ් නිසාම ජනවහරෙන් එන හූනි අසා ඇති කතාවක් ඇත. ඒ මොනරා කෑ ගසන විට සර්ප බිත්තර පුපුරනවලු. විශේෂයෙන් නයින්ගේ බිත්තර. ඒ නිසාම සර්පයන් විශේෂයෙන් නයින් වද වෙනවලු. එය සත්‍යයක් නමි මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මානය වෙනවා .ස්භාවිකවම මෙි පක්ෂින් ගැවසෙන ප්‍රදේශ වල .
බාහිර පෙනුම රවටන සුලුය.....
බොහෝ දෙනා බාහිර අලංකාරයට කැමතිය.... එසේ බාහිර අලංකාරයට රැවටෙන අය.. බොහෝ විට පහන් එලිය සොයා යන පලගැටියන් මෙරුන් වැනිය ...
අලංකාර හොද දේ ඇත.. ඒ අතරින් බොහෝ දේ විෂම දේවල්ය... බොහෝ අය කෙනෙකු නොමග යැවීමට උත්සහ කරන්නේ... මෙසේ බාහිරින් අලංකාර දේ පෙන්නාය....
අද සමාජය දකින තරමි සුන්දර නැත.... සුන්දර දසුන් අසුන්දර කිරීමටත්.. අසුන්දර දසුන් සුන්දර ලෙස පෙන්වීමටත්... බොහෝ අය දක්ෂය ...
කෙනෙකුගේ දුර්වලකමි සොයා ගොස්.. ඒ තුලින් අසුන්දර සමාජය වෙත වැඩි පිලි ගැනීමක් ලබා දී... සුන්දර ලෝකය සුන්දර දේවලින්ම විනාශ කරති... අප අවබෝධ කර ගත යුතු වන්නේ එයයි ...
අලංකාර හැම දෙයක්ම සුන්දර නොවෙ....බාහිර පෙනුම රවටන සුලුය...
Subscribe to:
Posts (Atom)
-
හූනි බොහෝ කැමැත්තක් දක්වනවා.. පරන ප්‍රස්තා පිරුලු, කියමන් හා වියත් වදන් වලට. ඒවැයින් යමි කිසිවක් ඔිනෙම කෙනෙකුගේ ජීවිතයට ගත හැකි නිසා...
-
. හූනි හිතන විදිහට, පියවි ඇහැට දැකල තියෙන විදිහට, කුරුලු ලෝකයේ ආඩමිබරෙන් වැජඹෙන ලස්සනම පක්ෂියා මොනරාය. ව...
-
මල් පෙති මත රැදුන පිනි බිංදු...නිහඩ පවසාවි උදෑසන නැවුමි බව..ඒ නිහඩ බව පරයා නැගුනු කුරුලු කිචි බිචි නද...පවසාවි පැමිනි බව සුභ දවසක අරු...